යතුරුපැදි දෙකක් ගැටී පුද්ගලයෙක් මරුට

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී යතුරු පැදි දෙකක් මුහුණුට මුහුණ ගැටෙයි.
අනතුරින් 21 හැරිවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මැදගම වෙල්පහල පදිංචි තරුණයෙකු වන අතර අනෙක් තරුණයා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ ගම්මන්පිල වැව අසලදී බවත් අනතුරින් යතුරුපැදි දෙක එකට ගැටීඇත.
ගැටීමෙන් අනතුරුව මිය ගිය තරුණයාගේ පැදිය මීටර් 35 ක් පමණ ඉදිරියට ඇඳි ගොස් මාර්ගයේ යකඩ කණුවක ගැටී තරුණයා එම ස්ථානයේ වැටීමෙන් අනතුරුව යතුරු පැදිය තවත් මීටර් 12 ක් පමණ ඉදිරියට ඇඳි ගොස් තාප්පයක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.