අළුත් අවුරැද්දේ නාඋල පොලිසියෙන් මහජනතාවට පනිවිඩයක්
නාඋල - ඉන්දික අරැණ කුමාර

අළුත් අවුරැදු සමයේ විශේෂයෙන් පිළිපැදිය යුතු නිති රිති සම්බන්ධයෙන් නාඋල පොලිසිය ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අරඹයි.
ඊට සමගාමීව පොදු මහජනතාව අතර අත්පත්‍රිකා බෙදා හැරි වැඩසටහනක් පසුගිය දා නාඋල නගරයේ දී ක්‍රියාත්මක කෙරිනි.
යතුරැපැදි ධාවනයේ දී හෙල්මට් නිවැරදි ලෙස පැලදීම,සුපරික්ෂාකාරි අන්දිමින් රථ වාහන පැදවීම, රතිඤ්ඤා වැනි පුපුරනද්‍රව්‍ය කුඩා දරැවන්ට ලබානොදීම වැනි කාරණා වල දි වැඩිහිටියන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට කරැණු පැහැදිිළි කර තිබේ.
නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති එම අත්පත්රිකාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අවුත් අවුරැද්දේ වැඩ ඇල්ලීමේ නැකතට පැලයක් රෝපනය කරන ලෙසයි.
පොදු ස්ථාන වල දි මුදල් පසුම්බි ප්‍රවේසම් කර ගන්නා ලෙසත්,වටිනා රන් ආභරණ පොදු ස්ථාන වල දි නොපලදින ලෙසත් පොලිසිය මහජනාවට දන්වා සිටියි.
බැංකු කාඩිපත් වල රහස් අංක මුදල් පසුම්ඹි වල ලියා තබා නොගන්නා ලෙසත් නාඋල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඊසි කෑෂ් ක්‍රමයට සිදුකරන ගනුදෙනු වල දි යම් සැකයක් ඇතිවන්නේ නම් අදාල දුරකතන සමාගම් වලින් විමසන ලෙස ද පොලිසිය ඉල්ලිමක් කරයි.
(විශේෂයෙන් තැගී මුදලක් ලැබී ඇති බවට වන පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීමේ දී )
අළුත් අවුරැද්ද සුභ වීම සදහා මත් පැන් වලින් ඈත්වී බීමතින් රිය පදවා අනතුරැ සිදුකර නොගන්නා ලෙස පොලිසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.