කෑගල්ල මාරක රිය අනතුරක්

ඊයේ (10) සවස 04.30 ට පමණ කෑගල්ල පොලිස් වසමේ බුලත්කොහුපිටිය මාර්ගයේ අනතුරක් සිදුවී ඇත.
කෑගල්ල සිට හෙට්ටිමුල්ල දෙසට ගමන්ගත් ත්රීරොද රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කෑගල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද අලුයම 02.20 පමණ තුවාලකරු මියගොස් ඇත.
මරණකරු අවු 21ක් වූ හෙට්ටිමුල්ල ප්රදේශයේ පදිංචි භාතිය කන්නංගර යන අය වේ.
අනතුරට වගකිවයුතු ත්රීරෝද රථ රියදුර අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත්කර ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කෑගල්ල පොලීසිය විසින් සිදු කරයි.