දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනතුරක්

අද(09) අළුයම 05.40 ට පමණ අධිවේගි මාර්ගයේ දී අනතුරක් සිදුව තිබේ.
දක්ෂින අධිවේගි මාර්ගයේ කුරුදුගහහැතැක්ම කි.මී 45.6 එල් ස්තානයේදී මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක ගැටීමෙනි.
වෑන් රථයේ රියදුරු ඇතුළු 05 දෙනෙකු අනතුරින් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මරණකරු වයස අවු 63ක් වන පසිදු පටුමග, මාවිස්තර, පිළියන්දළ පදිංචි රණසිංහ ගුණවර්ධන යන අය වේ.
වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්රකාශ කරන අතර වැඩිදුර පරීක්ෂණ වැලිපැන්න පොලිසිය මඟින් සිදු කරයි.