ගුණාත්මක බවින් තොර එළවළු බීජ හේතුවෙන් නාඋල ගොවීන් දුෂ්කරතාවට
ඉන්දික අරුණ කුමාර - නාඋල

නාඋල නගරයේ ඇතැම් වෙළඳුන් විසින් අලෙවි කරනු ලබන ගුණාත්මක බවින් තොර එළවළු බීජ හේතුවෙන් මේ වන විට ගොවීන් රැසක් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා.
නිසි පරිදි රෝපණ ප්රතිශතය නොමැති වීම, පැලවු බීජවල නිසි ඵලදාවක් නොමැතිවීම ආදී කරුණු හේතුවෙන් නාඋල ප්රදේශයේ ගොවින් රැසක් ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
බටු, මිරිස්, තක්කාලි, මෑ කරල්, බෝංච් මෙන්ම වැටකොළු බීජ මිල දී ගත් ගොවීන් මෙම ගැටළුකාරි තත්ත්වය මුහුණ දී සිටිනවා.
මේ සම්බන්ධයෙන් පළාත් ගොවි ජනසේවා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි ප්රකාශකයෙකු කියා සිටියේ වඩාත් ගුණාත්මක බිජ ලබාගැනීමේ දී සිය නිලධාරින්ගේ උපදෙස් ලබාගැනීමෙන් ගැටළුවට විසදුම් ලබාගත හැකි බවයි.