අරලියගහ මන්දිරය ඉදිරිපිට සියදිවි නසාගැනීමක්
රටවටා පුවත්

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු විසින් සියදිවිනසාගෙන තිබේ.
මෙම සෙබලා අරලියගහ මන්දිරයේ ආරක්ෂක මුරපොළේදී ආරක්ෂාව උදෙසා යොදවා සිටියදී මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ.
අදාල සෙබලා ඔහුගේම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රොහලට ඇතුලත් කර තිබේ.
අවුරුදු 31 වන මෙම සෙබලා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙතෙක් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පාර්ලිමේන්තුවේදී මෙම සිදුවීම පිළිබද විමල් වීරවංශ මහතා විසින් දැනුම්දීමක් සිදුකල බවද වාර්තාවේ.