kandy news web
kandy news web

බක්මහ දිවුරුම අද

0 89

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” අද උදෑසන සිදු විය.

අද(03) පෙරවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී  බක්මහ දිවුරුම ආරම්භ විය.

AD2

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වූ අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී විය.

අද පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් වූ අතර සිංහල හා දමිළ බසින් එම දිවුරුම ලබාදීම සිදු විය.

දිවයිනේ සියලු පාසල් දරුවන් ද සිය පාසල්වල සිට පෙරවරු 8.34 සිට 8.38 දක්වා බක්මහ දිවුරුම සමඟ එක් විය.

දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මතින් නිදහස් රටක් බිහි කිරීමේ ජාතික වෑයමට දායකත්වය ලබාදෙන මෙන් සමස්ත පුරවැසියන්ට රජය කාරුණිකව ආරාධනා කර සිටියි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.