kandy news web
kandy news web

දිමුත් සමාව අයදියි

0 93

බීමත්ව රිය පදවා අනතුරක් කළා යැයි අත්අඩංගුවට ගත් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණය ඊයේ (01)  නියෝග කළේ ය.

එහෙත් ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කළේ ය.

AD2

චෝදනා පත්‍රය ගොනු කිරීම හා පැමිණිල්ල ගොනු කිරීම සඳහා නඩුව ලබන මස 02 වැනිදාට කැල් තැබිණ.

මෙම සිද්දිධිය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් දිමුත් කරුණාරත්න මහතා අද නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, මෙම අනපේක්ෂිත අනතුරු සම්බන්ධයෙන් තුවාල ලැබූ රියැදුරුගෙන් සමාව අයදින බවයි.

එමෙන්ම  සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවත් තමාගේ ක්‍රියාව පිළිබඳව ඉතා හොඳින් දැනුවත් අතර එවැන්නක් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතින් සිදු නොවිය යුතු බවත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග වලට පූර්ණ සහය ලබා දෙන බවත් එතුමන් විසින් තවදුරටත් ප්‍රකාශ කරයි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.