දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු රු.20කින් පහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු මිල පහත දමා තිබේ.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සහ ගාල්ල අතර නව බස් ගාස්තුව අද සිට රුපියල් 420.00 ක් වනු ඇති.
මාකුඹුර සහ මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 530.00 කි.
අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් බස් සේවාවන් ආරම්භ කිරීමට නියමිත බවට නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනා ගමන කොමිසම පැවසුවේ නව බස් සේවාව හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදු ව තිබේ.