අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කරයි

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද(01) සිදුකිරිමට නියමිතයි.
අද පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙලෙස මත්ද්‍රව්‍ය තොගය විනාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙලෙස විනාශයට පත් කරනු ලබන මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් දහසකට අධික බව මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මුලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකෙරෙන අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අද දිනයේ දී ජනාධිපතිවරයා ද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පොලීසිය මගින් සිය භාරයට ගන්නා මත්ද්‍රව්‍ය සදහා සිදුවන දේ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින ගැටලුවට විසදුමක් ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.