ඖෂධ මිලදී ගැනීමේ දී පූජ්‍ය පක්ෂයටත් සියයට 5 ක වට්ටම්ක්

ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය සදහා සියයට 5 ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා වෙත අද (25) උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මාතලේ නගරයේ දී අද පෙරවරුවේ විවෘත කළ අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.
මේ වන විට ගර්භනී කාන්තාවන්ට, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට ඖෂධ මිලදී ගැනීමේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සියයට 5 ක වට්ටම් මුදලක් ලබාදෙයි.