කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ සුළු මාර්ග තදබදයක්

කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ සුළු රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය ප්රකාශ කරයි.
නිට්ටඹුව, රදාවඩුන්න ප්රදේශයේදී ටිපර් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් මෙම මාර්ග තදබදය ඇති වී ඇති බව වාර්තා වේ.
අනතුරින් ටිපර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.