මධ්‍යම පළාතේ දිය උල්පත් සිදී යයි

මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් ජල මූලාශ්රවල ජලය මේ වන සිට දැඩි ලෙස සිඳී ගොස් ඇති බව වාර්තා වේ.
මහවැලි ගඟේ ජල මට්ටමද මේ වන විට අඩු වෙමින් පවතින ආකාරය දැකගත හැකිය.
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටමද මේ වන විශාල ලෙස සිඳී ගොස් ඇත.
කඳුකර ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට දැඩි පානීය ජල හිඟයක් ඇතිව ඇති බව වාර්තා වේ.
මේ වන විට නළ ජලය සීමා කිරීමටත් නළ ජලය නොහැකි පළාත්වලට බවුසර් මගින් ජලය ලබා දීමටත් සිදු වන බව වාර්තාකරුවන් ප්‍රකාශ කරයි.
තැන්නේකුඹුර සහ තෙල්දෙණය ඔරුතොට ප්‍රදේශවල ජනතාව විශාල වශයෙන් දිය නෑම සඳහා රැස්ව සිටින අයුරුද දැක ගන්නට හැකිය.