මොරටුමුල්ල වෙඩි තැබීමක්

අද උදැසන 10.30 පමණ මොරටුමුල්ල පිලියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට දී පතරොම් තුවක්කුවකුන් වෙඩි තැබීමක් සිදුකොට ඇත.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ මෝටර්රථයකින් පැමිණි දෙදෙනෙකු විසිනි.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස්රථ හිමිකරුවකු හා ඔහුගේ පුතාගේ මිතුරෙකි.
බස්රථ හිමිකරුගේ පුතා මේ වන විට තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට වාර්තා වන අතර වෙඩි තැබූවන්ගෙන් එක් සැකකරුවකු මේ වන විට හදුනාගෙන ඇති අතර මොරටුමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.