රේගුව වළලු අල්ලයි

රත්‍රං වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්ය මණ්ඩල සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ රේගුව සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගත් වළලු තොගය රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් බව රේගු නිළධාරීන් ප්‍රකාශ කරයි.
සැකකරු 28 හැවිරිදි ඔහු විදේශීය ගුවන් යානා කාර්ය මණ්ඩලයක සේවකයෙකු වේ.
වළලු තොගයේ බර කිලෝග්‍රෑම් 4 කට වැඩි වන බව වාර්තා වේ.
දෝහ සිට පැමිණි ඔහුගේ ගමන්මල්ලේ සූක්ෂම ලෙස රත්‍රං වළලු 423 ක් සඟවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පවසයි.