ජීවිතය එපා වූවාද….? ජීවිත ගමන නැවැත්තුවාද?
හැටන් රංජිත් රාජපක්ෂ

අද (08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙල වලලාගෙන මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි මුත්තුමණි ප්රියවංශනී නැමැති අවුරුදු 18ක් වන පාසල් සිසුවියකි.
අද අලුයම 3 ට පමණ අවදි වි ඇති පාසල් සිසුවිය පාඩම් කරන බව පවසා නිවසින් පිටතට පැමිණි තම නිවසේ වහලේ බාල්කයේ මවගේ සාරියකින් ගෙල වැලලාගෙන ඇති බවයි බගවන්තාව පොලිසිය පවසයි.
මෙය සියදිවි නසාගැනීමක් වුවද මෘත ශරීරයේ පාසල් සිසුවිගේ පාද දෙක ගැට ගසා තිබිම සම්බන්ධයෙන් මේ වන විිට ගැටළුවක් පවතී.
මේ හේතුවෙන් මෙය සිය දිව් හානි කරගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂන ආරම්භ කර තිබේ
දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන ඇත බව පොලිසිය පවසයි.