2019 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
පස්වරු 2ට අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2019 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ථ රාජ්‍ය වියදම වනුයේ රුපියල් බිලියන 4470කි.
අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක් බවෙ මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.
2014 වසරේදි දළ දේශිය නිෂ්පාදිතයෙන් 11.5%ක් ලෙස පැවති රාජ්‍ය ආදායම මේ වනවිට ක්‍රමයෙන් වැඩි වී තිබෙන බව දැකගත හැකිය.
එය මේ වසරේ 15%ක මට්ටමකට ළඟාවනු ඇති බවට විශ්වාසයක් පවතින අතර වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ණය සේවාකරණය වෙනුවෙන්වේ. එය රුපියල් බිලියන 2200කි.
ඉතිහාසයේ රජයක් වසරකදී ණය ගෙවීම සඳහා වැයකරන විශාලතම මුදල ද මෙයයි.