ලොරි රථ දෙකකින් මී ගවයින් 28 ප්රවාහනය කල හතරක් පොලිස් දැලේ
වැල්ලවාය - ජයන්ත වීරසේකර

ඌව කුඩාඔය පොලිස් බල ප්රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී නීති විරෝධීව ලොරි රථ දෙකකින් මී ගවයින් විසි අටක් ප්රවාහනය කල සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් කුඩාඔය ප්රදේශයේ සිට කල්මුණේ ප්රදේශය දක්වා මෙම ගවයින් ප්රවාහනය කර ඇති අතර මස් පිණිස දීර්ඝකාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර සහ කල්මුණේ යන ප්රදේශවල පදිංචි පිලිවෙලින් වයස අවුරුදු විසිහත,හතලිස් දෙක,හතලිස් හත සහ හැටදෙක යන වයස් වල පසුවන්නන් වේ.
සැකකරුවන් අද (2) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුඩාඔය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.