kandy news web
kandy news web

ශ්‍රී ලංකා නීතිඥ එකමුතුව මගින් කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක්

0 150

පසුගියදා අජිත් ලක්මාල් නමැති මීගමුව ප්‍රදේශයේ තරුණයෙකු විසින්, තංගල්ල පොලිස් අධිකාරිවරයාගේ මැදිහත් වීම මත ඩී.වී. චානක මන්ත්‍රීවරයාගේ වාහනය තුළට අනීතික ද්‍රව්‍යයක් දැමීමට පැවසූවේ යැයි සඳහන් කරමින් පොලිස් කොමිසමට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

නමුත් පසුව දැනගත් පරිදි මෙම ලක්මාල් තරුණයා කාල්ටන් නිල්බලකායේ තරුණයෙකු බවටත් තංගල්ල පල්ලික්කුඩා ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැරයෙකු වූ උක්කුවාගේ රියදුරුවෙකු ව සිටි බවත් ඔහු කාල්ටන් නිවසේ රියදුරෙකු ලෙස සේවය කරන බවටත් හෙළි වී ඇත. 

AD2


ඒ අනුව අද දින නීතිඥ එකමුතුවේ නීතිඥවරු පිරිසක්, දැනට ජීවතුන් අතර නොසිටින උක්කුවා විසින් පසුගිය කාලයේ සිදු කළ මැර ක්‍රියා ගැන මෙම ලක්මාල් තරුණයා දන්නා බැවින් ඔහු අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් කරන ලෙසත්, පසුගියදා පොලිස් කොමිසමට කරන ලද සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධව මොහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසත් කොටුව අපරාධ මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.