kandy news web
kandy news web

අතුරුදහන් වූ තරුණයා ජලාශයෙන් මතු වේ

මස්කෙළිය - ගාමිණී බණ්ඩාර

0 203

මස්කෙළිය නගරයේ   අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිඳුම් කරුවන් විසින් අද (21) උදෑසණ 08.00 ට පමණ මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයා ගනු ලැබීය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ, මස්කෙළිය නගරයේ පදිංචිව සිටි පැතුම් මධුසංක ලියනගේ නැමති තිස් හැවිරිදි අවිවාහක තරුණයෙකි.

AD2

මෙම තරුණයා  ඉකුත් (19) දා ඔහු පදිංචි මස්කෙළිය නගරයේ නිවසේ රාත්‍රී  සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණ දුරකතන ඇමතුමකට නිවසින් පිටව ගිය බවත්, නැවත නිවසට නොපැමිණි බවත් නිවැසියන් ප්‍රකාශ කරයි.

මොහුගේ සිරුර මාවුස්සාකැලේ ජලාශයේ ඇති බවට  සැක පහළ වීමත් සමග  නාවුක හමුදාවේ කිමිඳුම්කරුවන් යොදා  සෝදිසි කිරීම් ආරම්භ කළ බව මස්කෙළිය පොලිස්ථානාධිපතිතුමන් විසින් පැවසීය.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) දහවල් පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.