ලිදුල උවකැලේ රක්ෂිතයේ නාදුනන පිරිමි මල සිරුරක්
හැටන් - රංජිත් රාජපක්ෂ

තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත්, උවකැලේ තේ වතුයායට ඉහලින් වු උවකැලේ රක්ෂිතයේ තිබි සොයාගත් නාදුනන පිරිමි මල සිරුරක් සොයා ගැනේ.
රක්ෂිතය හරහා පහලට ගලා බසින ජලය වේලලක් බැද එම වතු යායට පානිය ජලය ලබා ගන්නා අතර මේ දිනවල ලිදුල ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමගම එම රක්ෂිතය තුල වු ජල මුලාශ සුද්ද පවිත්‍ර කිරිමට ගිය වතු කම්කරුවන් පිරිසක් විසින් රක්ෂිතයේ ඇළ මාර්ගයක වැටි තිබු නාදුනන පිරිමි මල සිරුර ඊයේ (19) දැක එ පිලිබදව ලිදුල පොලිසියට ඔවුන් විසින් පැමිණිලි කර ඇත.
එහිදී සොයාගත් මල සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා නුවරඑලිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ට්‍රෙනි රයර් මහතා අද (20) ලිදුල පොලිසියට නියෝග කර ඇත.
මෙතෙක් මල සිරුර හදුනාගෙන නොමැති අතර වයස අවුරුදු 25 – 30 අතර බවට සැකකරන ජිවිතක්ෂයට පත් තරුණයා දිගු කලිසමක් සහ ටි ෂර්ට් ඇද සිටි ඇති අතර ඔහු පිලිබදව තොරතුරු වෙතොත් ලිදුල පොලිසිය වෙත දැනුම් දෙන ලෙස සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන ලිදුල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.