කිලිනොච්චිය ජල ගැලීමට ඉරණමඩු ජලාශයේ බලපෑම සම්බන්ධයෙන් වන වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට භාරදෙයි
වවුනියාව - මාධව කුලසූරිය

පසුගිය දෙසැම්බර් මස කිලිනොච්චිය හා මුලතිව් ප්රදේශයට ඇති වු ජල ගැලීම් හේතුවෙන් පවුල් 180,000 කට අදාළ පිරිසක් පීඩාවට ලක්වු අතර,වගාබිම් රැසක්ද විනාශයට පත්විණ.
ඒ සඳහා ඉරණමඩු ජලාශය බලපා ඇතිද යන්න සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.
එම පත්කළ කමිටුවේ මුලික වාර්තාව කමිටුවේ සභාපති ඉංජිනේරු එස්.රගුනාදන් මහතා විසින් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා වෙත ඊයේ(13) භාරදෙනු ලැබීය.
ජල ගැලීම්වලට ඉරණමඩු ජලාශය සංවර්ධනය කොට පුළුල් කිරීම බලපෑ බවට ජල ගැලීම් ඇති වු අවස්ථාවේ ජනතාව ප්රකාශ කළ බැවින් අදාළ කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබීය.
කමිටු වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් දැනුවත් කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පැවසූහ.
සාකච්ජාවන් වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.