ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල

2019 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ පෙබරවාරි 12 දින ( හෙට) ප.ව. 6.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතයි.
නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සම්මාන උළෙල පැවැත්වේ.
1925 දෙසැමිබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරුණු එය දශක නමයක කාලය තුළ මේ රටට සිදුකොට ඇති සේවය සුවිශේෂී වේ. ශ්‍රී ලාංකේය ගුවන් විදුලිය මේ වන විට අනූ තුන් හැවිරිදි වියෙහි වෙයි
ගුවන් විදුලිය රාජ්‍ය සම්මාන උලෙළ ප්‍රථම වරට පැවැත්වූයේ 2017 පෙබරවාරි 13 වැනිදා ය. ඒ ලෝක ගුවන්විදුලි දින 5 වැනි දිනට සමගාමීව යි.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයත්, ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව මෙන්ම ජූරි මණ්ඩලයක් මෙම සම්මාන උළෙලේ විනිසුරු මණ්ඩලය ලෙස කටයුතු කරනවා.