පිබිදෙන පොලොන්නරුව

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව නගර ප්‍රදේශයේ ඉදි කරනු ලබන රාජ්‍ය සේවක නිළ නිවාස ලබා දීමේ පළමු අදියර යටතේ නිම කරන ලද තට්ටු නිවාස සංකීර්ණය ජනාධිපතිතුමන්ගේෙ ප්‍රධානත්වයෙන් අද 09 දා පෙරවරුවේ රාජ්‍ය සේවක අයිතියට පවරා දෙනු ලැබීය.
මේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 1500 ක මුදලක් ආයෝජනය කොට තිබේ.
නිවාස එකක (10) දහයකින් යුතු නිවාස (80) ක් මෙහිදී ඉදි කෙරෙමින් පවතී.
ඉහල ගුණාත්මක මහජන සේවාවක් සැපයීම අරඹයා රාජ්‍ය සේවකයින් සදහා පහසුකම් සලසා දීමට කටයුතු කිරීම රජයේ අරමුණ වී ඇත.
මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වූ චන්ද්‍රසිරි සුරිය ආරච්චි ,පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය