හලාවත මීගමුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

හලාවත මීගමුව පෞද්ගලික බස්රථ සේවකයන් අද පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.
මෙයට හේතුව වී ඇත්තේ හලාවත මීගමුව පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකුට මීගමුව පොලිසිය තුලදී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියක් බව හලාවත මීගමුව බස්රථ සේවකයන් පවසයි.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ චමින්ද අනුරද සිල්වා නැමැති (41) අයෙකි.
මෙලෙස පහර කෑමට ලක්වූ චමින්ද අනුරද සිල්වා ඉතා දිගු කාලයන් හලාවත මීගමුව බස් රථ වල සේවය කරනු ලැබූ අයෙකි.
තුවාලකරු මේ වන විට මාරවිල මුලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
මොහුට පොලිස් නිලධාරීන් විසින් පොලීසිය තුල කාමරයකට දමා හිසට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට පහර දුන් බව බස් රථයේ රියදුරු පවසන අතර මේ පිළිබද වහාම නීතිය ක්රියාත්මක කරන ලෙස හලාවත මගී ප්රවාහන සමාගම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියි.