රිය අනතුරෙන් පසුව පොලිස් අනනොතකා පලා ගිය ජීප් රථය අල්ලයි
නයිනමඩම - චන්දන ප්‍රනාන්දු

පසුගිය 27 වන දින උදෑසන 10ට පමණ කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල රේල් ගේට්ටුව අසලදි මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය කර ඉදිරියෙන් ආ යතුරුපැදිකරුවෙකුද හප්පාගෙන පොලිස් අණ නොතකා පලාගිය සුඛෝපභෝගි ජිප් රථය අද 30 උදැසන බෝලවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබියදි සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය ප්‍රකාශ කරයි.
ජිප් රථයේ හිමිකරු බෝලවත්තේ ඔහුගේ මිතුරෙකුගේ නිවෙස අසල දමා ගොස් ඇති බවට සැකයක් තිබෙන බවත් ජිප් රථයේ පසුපස විවෘත තිබු කවුළුවක් තුලින් දොරවල් හැර පරික්ෂා කිරිමේදි එහි තිබු රියදුරු බලපත් හා අනෙකුත් ලියකියවිලි අනුව හිමිකරුගේ අනන්‍යතාව සොයාගත් බව පොලිසිය තවදුරටත් ප්‍රකාශ කරයි.
මෙහි අයිතිකරු තෝප්පුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සිරාජ් ඇන්ඩර්සන් ප්‍රනාන්දුපුල්ලේ නැමති අයෙක් බව පොලිසිය ප්‍රකාශ කරන අතර මෙම ජිප් රථය එදින පැදවු පුද්ගලයාව සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ වෙන්නප්පුව පොලීසිය මඟින් සිදු කරයි.