බරින් අඩු ලොව කුඩාම චන්ද්‍රිකාව ගුවන් ගත කරයි

ලොව කුඩාම හා බරෙන් අඩුම චන්ද්‍රිකාව ඊයේ(24) ගුවන් ගත කර තිබෙනවා. ඒ ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යා ආයතනයක් වන SpaceKidz නම් ආයතනයක සිසුන් පිරිසක් විසින්.
මෙම චන්ද්‍රිකාව කිලෝග්‍රෑම් 1.2 ක් පමණ බරින් යුක්ත වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙහි රේඩියෝ සන්නිවේදන පද්ධතියක් සහිත මෙම කුඩා චන්ද්‍රිකාව අන්තර්ගතව ඇති බවත් චන්ද්‍රිකාව සාර්ථකව ඊයේ(24) පෘථිවි කක්ෂයේ රඳවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. .
මින් පෙරත් කුඩා චන්ද්‍රිකා ගුවන් ගත කෙරුණද එම උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ හිටපු ජනපතිවරයෙකු වූ අබ්දුල් කලාම් මහතාගේ නමින් මෙම චන්ද්‍රිකාව නම් කර තිබෙනවා.
KalamSat V2 නමින් හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කෙරුණේ අදියර කිහිපයකිනි.
දින හයකින් නිම කෙරුණු මෙම චන්ද්‍රිකාව සඳහා වැයවූ මුදල ඉන්දියානු රුපියල් මිලියන1.2ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් ගුවන්ගත කළ මෙම චන්ද්‍රිකාව රැගෙන ගිය රොකට්ටුව ටොන් 260ක බරකින් යුක්ත විය.
අභවකාශ තාක්ශණය පිළිබඳ අමෙරිකාව, රුසියාව, චීනය හා ජපානය සේම ඉන්දියාවේද ඇති කැමැත්ත හා උනන්දුව මෙවැනි ව්‍යාපෘති හරහා දැක ගැනීමට හැකියාව ලැබෙනවා.
ඉදිරියේදී ඉන්දියාව විසින් තවත් චන්ද්‍රිකා කිහිපයක්ද ගුවන් ගත කරන්නට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
That's Amazing : ISRO successfully launches world's lightest satellite 'PSLV' made by student's.
Cost of making : INR 12 Lakhs only.
Time it took : 6 days.#ISRO#ISROMissions pic.twitter.com/LjWJEAbEtt— Shantanu Biswas 🇮🇳 (@Shantanu_subhra) January 25, 2019
We were thinking if what was happening was real. The entire #Kalamsat-V2 team was over the Moon after sitting inside @isro Mission Control waiting to see our own satellite go into orbit.- CEO @SpaceKidzIndia @SrimathyKesan @OnmanoramaLive https://t.co/6u3BWgvJx6#ISROMissions pic.twitter.com/yx2qemhrzB
— ✈Anantha Krishnan M✈ (@writetake) January 25, 2019