පේසාලෙයි වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනියි
වවුනියාව - මාධව කුලසූරිය

මන්නාරම,පේසාලෙයි නඩුකුඩා වෙරළ තීරයේ තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (24) සොයාගෙන ඇති බව මන්නාරම පේසාලෙයි පොලිසිය පවසයි.
ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය නඩුකුඩා වෙරළ තීරයේ තිබි සොයාගෙන ඇත.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ජෙලට්නයිට් කූරු,ක්ලේමෝ බෝම්බ,රබර් බූට්,රොකට් ලෝන්චර් හා පතුරම් තොගයක් මතුපිටට පෙනීමට ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පේසාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.