අලව්වේ මාරක රිය අනතුරක්

01.24 වන දින රාත්රී 07ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.
අලව්ව කුරුණෑගල මාර්ගයේ කපුවරල ප්රදේශයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක එම දිසාවෙන්ම ඊට ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක ගැටී ප්රතිවිරුද්ද දිශාවෙන් පැමිණි යතුරුපැදියකද වැදී මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබූ වෑන් රථයක හා කාර් රථයකද වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරෙන් කැබ්රථයේ රියදුරු, යතුරු පැදියේ පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා අලව්ව රෝහලට ඇතුලත් කර අැත.
එහදී යතුරු පැදියේ පසුපැදිකරු මියගොස් ඇති අතර වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරුද මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 31ක් හා අවුරුදු 22 වන අයවලුන් වන අතර මෘත ශරීර අලව්ව හා කුරුණෑගල රෝහල්වල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට අලව්ව රෝහලේ ප්රතිකාර ලබන අතර අලව්ව පොලීසිය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.