යතුරුපැදියක් ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
හැටන් - රංජිත් රාජපක්ෂ

ගිනිගත්හේන නාවලපිටිය බලංතොට ප්රධාන මාර්ගයේ සිදු වු රියඅනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වෙයි.
ඊයේ පස්වරුවේ නාවලපිටියේ සිට රඹුක්පිටිය බලංතොට දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්රී රෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ ත්රිරෝද රථකරුගේ නොසැලකිලිමත්කම සහ යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට හේතු වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නාවලපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.