ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

නීතිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වනදා දක්වා කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණ කර තිබෙනවා.
ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 7 වනදා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව පවතින නෛතික අවශ්‍යතාවය මත මෙම නිලවරණය 2019 පෙබරවාරී මස 21 වන දා දක්වා සති දෙකකින් කල් දැමීමට අවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිඩා අමාත්‍යවරයා අද (16) දින ක්‍රීඩා පනතේ 39(1) වගන්ති ප්‍රකාරව විශේෂ විධානයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි මස.21 වන දින ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා අදාළ ඉදිරි පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චුලානන්ද පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.