ලග්ගල හරිත නගරයේ දුම්වැටි හා පොලිතින් තහනම් කලාපයක්
ඉන්දික අරුන කුමාර - නාවුල

පසුගිය 08 වන දින අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් පසුගිය දා විවෘත වූ ලග්ගල හරිත නගරයේ දුම්වැටි හා පොලිතීන් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට ලග්ගල ප්රාදේශීය ලේකම් පියල් නිශාන්ත මහතා ප්රකාශ කරයි.
ඉකුත් දා (14) වන දින රාජ්ය නොවන සංවිධාන සමග ප්රදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී එතුමන් විසින් මෙම අදහස ප්රකාශ කරන්නට විය.
මෙලෙස මෙම හරිත නගරය නිර්මාණය වී තිබෙන්නේ කළුගඟ ජලාශය ඉදිවීම හේතුවනේ අවතැන් වූ පවුල් තුන්දහසක් පදිංචිකරවමිනි.