දිය රකුසා ජීවිත කිහිපයක් බිලි ගනී
විදේශිකයන් දෙදෙනෙකුද ඒ අතර

2019.01.13 වන දින පමුණුගම පොලිස් වසමේ එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කාන්තාවන් අතුරින් එක් කතක් රළ පහරට හසුව ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය අවුරුදු 45ක් වන බෝපිටිය ප්රදේශයේ පදිංචි රසිකා තිසේරා යන අය විය.
එදිනම දෑලතුර ඇලේ පිරිමි මල සිරුරක් පාවෙමින් තිබියදී හමු වී ඇති අතර ඔහු අවුරුදු 50 ක් වන ජා ඇල ප්රදේශයේ පදිංචි සෙබස්තියන් පෙරේරා යන අය බවට හඳුනාගෙන ඇත.
මෙම සිද්ධීන් දෙක පිළිබඳවම පමුණුගම පොලීිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
වෙන්නප්පුව පොලිස් වසමේ වේලකන්නි පල්ලිය අසල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලී ජර්මන් ජාතිකයකු මිය ගොස් ඇති අතර මාතර පොලිස් වසමේ මඩිහ ප්රදේශයේ ජල මත ලිස්සා යාමේ නිරතව සිටි එංගලන්ත ජාතිකයෙකු දියේ ගිීලීමෙන් පසු මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ පිළිබඳ වෙන්නප්පුව හා මාතර පොලිස් ස්ථානයන්හි පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.