කේරල ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මන්නාරම වංකාලේ වෙරල ප්රදේශයේ දී කේරල ගංජා කිලෝ ග්රෑම් 184 යි ග්රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් මෙහෙයුම ක්රීයාත්මක කරනු ලැබීය.
සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී ඇති බව සඳහන් වෙයි.