kandy news web
kandy news web

ජනවාරි 05 දා ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි

එදින නිවෙස්වල හා කාර්යාලවල බෞද්ධ කොඩි ඔසවන්නැයි බුද්ධ ශාසන ඇමති ඉල්ලයි

0 82

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි 05 දා මාතලේ අලු විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

ඒ නිමිත්තෙන් එදින සෑම නිවසකම සෑම රාජ්‍ය ආයතනයකම බෞද්ධ කෙ‍ාඩි ඔසවා උපහාර දක්වන ලෙසත් විහාරස්ථානවල ශබ්ද පූජා පවත්වන ලෙසත් බෞද්ධ ජනතාවගෙන් සහ විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

AD2

ජනාධිපති කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී ජයවික්‍රම පෙරේරා මහතා මෙම ඉල්ලීම කළා. ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමි වනවා. රජය එය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කොට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද කියා සිටියා.

එමෙන්ම ත්‍රිපිටකය නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධ ශාසන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ත්‍රිපිටකය ලේඛනාරූඨ කරනු ලැබූ මාතලේ අලු විහාරයේදී පැවැත්වෙන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය නිමිත්තෙන් ජනවාරි 4 දා එහිදී සර්ව තාන්ත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද, පසුදා 1500කට අධික මහා සංඝයා විෂයෙහි සාංඝික දානයක් පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි මෙම මාධ්‍ය හමුවට එක් වූ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා කියා සිටියා.

සියලුම නිකායන්හි මහා නායක හිමිවරුන්, සිව් දිගින් වඩින මහා සංඝරත්නය සහ ප්‍රභූ ජනතාවගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය පැවැත්වෙන බවද ඒ මහතා පවසනවා.

මාළිගාකන්ද විද්යෝදය පිරිවේණාධිපති බලංගොඩ සෝභිත හා සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛනාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමිවරුද, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී ව සිටියා.

– news.lk

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.