ගාස්තු අඩු නොකරන බස් රථ සොයා වැටලීම්

බස් ගාස්තු අඩුකිරිම කි‍්‍රයාත්මක නොකරන බස් රථ සොයා වැටලීම් සිදුකරන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.
මේ වනවිට බස් රථ සංගම් හරහා සියලු බස් රථ වලට ගාස්තු අඩු කිරීම් සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි කොමිසමේ සභාපති එච් හේමචන්ද්‍ර මහතා පවසන්නේ.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු 4% කින් අඩු කිරීමට පසුගියදා පියවර ගනු ලැබුවා.