සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 වැනිදා සිට ඇරඹීමට පියවර

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අදියර දෙකක් යටතේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර ලබන 23 වන දින සිට ජනවාරි 01 වන දින දක්වා සිදු කිරිමට නියමිතයි.
දිවයින පුරා පිහිටි පාසල් 107කදී පළමු අදියරේ ඇගයීම් කටයුතු සිදු කිරිමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ.
ඒ සදහා ගුරුවරුන් පුහුණු කිරිමේ සැසිවාර ලබන 18,19,20 සහ 21 යන දිනවල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙනවා.
සාමාන්‍ය පෙල විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ජනවාරි මස 08 වන දින සිට 17 වන දින දක්වා සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය පසුගිය දෙසැම්බර් 03 වන දින ආරම්භ වූ අතර ඊයේ දිනයෙන් අවසන් වුණා.
විභාග වංචා සම්බන්ධයෙන් පැමිණි 06ක් ලැබී ඇති අතර එය පසුගිය වසර වලට සාපේක්ෂව අඩුවීමක් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේ.