kandy news web
kandy news web

ලග්ගල හරිත නගරය ජනවාරි 08 ජනපති සුරතින් ජනතා අයිතියට

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 205

රුපියල් මිලියන 2045 මුදලක් වැය කරමින් ඉදිකරන ලද ලග්ගල හරිත නගරය ජනවාරි 08 වෙනිදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන බව මොරගහකන්ද  –  කළු ගඟ වාරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පවසනවා.

ඊයේ (28) දවස පුරා ලග්ගල නව නගරයේ නිරික්ෂණ කටයුතු සඳහා මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධාන කර තිබු විශේෂ චාරිකාවට එක්වෙමින් හෙතෙම එම අදහස් පල කළා.

AD2

කළු ගඟ පහළ නිම්නයට දියවර සැපසීම සහ අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයට ගෙනයෑම සඳහා ඉදිකරන ලද කළු ගඟ ජලාශයේ බැම්මේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී ඇති බව ද විජේරත්න මහතා පවසනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන විසි හය දහසකි.

කළු ගඟ ජලාශය ඉදිකිරීම හේතුවෙන් අවතැන් පවුල් 3000 ක් පදිංචි කර ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් ඉදිකරන ලද නව ලග්ගල හරිත නගරය තුළ අංග සම්පූර්ණ නවීන පහසුකම් යටතේ ඉදිකිරිම් රැසක වැඩ අවසන් කර තිබෙනවා.

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනතා අයිතියට පත් කිරිමට නියමිත ඉදිකිරීම් අතර නවීන පහසුකම් යටතේ ඉදිවු ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,

ප්‍රාදේශිය සභාව, රෝහල් සංකීර්ණය, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය, ද්විතික පාසලේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.

මීට අමතරව සමෘද්ධි මහ සංගම් ගොඩනැගිල්ල, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, අඩවි වන කාර්යාලය,කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය,අධ්‍යාපන ගුරු පුහුණු මධ්‍යස්ථානය, තැපැල් කාර්යාලය, මහජන පොළ, බස් නැවතුම්පල, මහජන ක්‍රීඩාංගනය, පශු වෛද්‍ය කාර්යාලය ආදී අළුතින් ඉදිකරන ලද ගොඩනැගිලි 23 ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතයි.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More