kandy news web
kandy news web

හැටන් පොඩයිස් වතුයායේ අවතැන් වූ පවුල් වෙනුවෙන් ආධාර

ගිනි ගැනීමට හේතුව විදුලි කාන්දුවක්

0 149

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේලියක අද (29) හට ගත් ගින්නෙන් විනාශවූ වතු නිවාස 24 හා අවතැන් වූ පුද්ගලයන් වෙනුවෙන් අලුත් නිවාස ඉදි කරන තුරු එම වතු යායේම ක්‍රීඩාංගනයේ තාවකාලික නිවාස ඉදි කිරීමට වතු පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇති අතර තාවකාලික නිවාස ඉදිකිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබයි.
වතු කම්කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියකින් මේ වනවිටත් ලබා දෙමින් පවතී. 
වතු කම්කරුවන් වෙනුවෙන් රජය මගින් ඉදි කිරීමට නියමිත නිවාස යෝජනා ක්‍රමය යටතේ නව නිවාස 24ක් ඉදි කිරීමට කදුරට නව යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත. 
මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවද මේ වන විට අනාවරණය වී ඇත. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More