හැටන් වතු නිවාස පේලියක ගින්නක් – නිවාස 24 ක් ගින්නෙන් විනාශයි
රංජිත් රාජපක්ෂ - හැටන්

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායේ අක්කර 30 කොටසේ වතු නිවාස පේලියක අද (29) හට ගත් ගින්නකින් එම වතු නිවාස 24ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
අද උදෑසන 06ට පමණ මෙම මෙම ගින්න එක් නිවසකින් හටගෙන අනෙක් නිවාස පුරා පැතිරගිය බව වතු කම්කරුවන් ප්රකාශ කරයි.
එහිදී නිවාස 24 ක පදිංචි පවුල් 24 කට අයත් සාමාජිකයින් 150 ආසන්න ප්රමාණයක් අවතැන් වී ඇති අතර 150 ආසන්න ප්රමාණයක් අවතැන් වී සිටින අතර ගින්නෙන් කිසිවෙකුටත් හානිසිදු වී නොමැති අතර ගින්න මැඩ පැවැත්වීමට හැටන් පොලීසියේ නිළධාරීන්, වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය දැඩි උත්සාහයක නිරත වුණා.
ක් ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර මෙතෙක් සිදු වූ අලාභයද තක්සේරු කර නොමැත. ගින්නෙන් අවතැන් වූවන් තාවකාලිකව එම වතු යායේම පොදු ස්ථානයක පදිංචි කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.