kandy news web
kandy news web

නත්තල් දා දියේ ගිලීමෙන් අයෙක් මරුට – 4ක් අතුරුදන්

0 86

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී දියේ ගිලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. 

ඊයේ(25) සවස 5.35ට පමණ පන්නල, නැගිණිගම්මානය ප්‍රදේශයෙන් ගලා බසින මා ඔයේ දිය නාමින් සිටි තරුණයින් පස් දෙනෙකු අතරනින් අයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පන්නල පොලිසිය පවසනවා.

AD2

ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇතතේ වයස අවුරුදු 16ක් වූ කල්පිටිය පාර ආන්දම් හන්දිය එත්තාලේ ලිපිනයේ පදිංිව සිටි මුත්තයියා කුමාරසිංහ නමැ ඩිලක්ෂාන් සඳුන් නමැත්තෙකි. 

අතුරුදන් වූ තැනැත්තා සෙවීමේ කටයුතු පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කරනු ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

මේ අතර වෙන්නප්පුව, කම්මල ඩොල්පින් හෝටලය පිටුපස වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවක් රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාව බේරාගෙන ගොඩට ගෙන ඇති අතර එක් අයෙක් දියේ ගිලී අතුරුදන්ව සිටිනවා.

මෙලෙස ගොඩට ගත් පුද්ගලයන් තිදෙනා සහ කාන්තාව මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. කාන්තාව සහ පුද්ගලයින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

මෙලෙස මරණයට පත්ව ඇතතේ ගලහ, පුපුරැස්ස ප්‍රදෙශයේ පදිංචිව සිටි සංකර් බාලචන්ද්‍රන් නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි. දබේතැන්න, හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි මුරුගයියා මදි අලගන් නමැත්තා අතුරුදන්ව සිටිනවා. 

මෙම පිරිස බදුල්ල ප්‍රදේශයේ සිට මාදම්පේ ඥාති නිවසක උත්සවයක් සඳහා පැමිණ සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘතදේහය මාරවිල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කරනු ලබනවා. අනතුර සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

මේ අතර බඹරගල ඇල්ලෙන් ගලා බසින එයේ දිය නාමින් සිටි තරුණයන දෙදෙනෙකුද දියේ ගිලි අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (25) දහවල් 12ට පමණ බණ්ඩාරවෙල, අඹදණ්ඩේගම ප්‍රදේශයේදී දිය නාමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අතරින් දෙදෙනෙකු දිය පහරට හසු වී ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවට බණ්ඩාරවෙල පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

වැලිමඩ, කැප්පෙටිපොල, දිවුරුම්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි එම්.ජී. ප්‍රභාත් මධුෂංක සහ හිල්ඔය, එගොඩඅරාය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්.එම්. විශ්ව ප්‍රභාත් විජේසුන්දර නමැති 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව තිබෙනවා.

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More