kandy news web
kandy news web

හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

0 100

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  එක් සැකකරුවෙකු පූගොඩ ප්‍රදේශයේදී සහ අනෙක් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

පූගොඩ, කජුකොටුව ප්‍රදේශයේදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 830ක් සන්තකයේ තබාගෙන සිටියදියි. පූගොඩ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

AD2

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක, ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සහ හෙරොයින් අද (26) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පූගොඩ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා. 

මේ අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඊයේ පස්වරු 1.15ට පමණ ගල්කිස්ස, කටුබැද්ද ප්‍රදේශයේදීයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්මත වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 980ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුව පත්ව ඇත්තේ මොරටුව, කල්දේමුල්ල, ප්‍රදේශයේ පදිංචිව සිටි ගයාන් පණ්ඩිතරත්න නමැති 34 අයෙකි.

සැකකරු ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරු අද(26) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More