kandy news web
kandy news web

රුදුරු සුනාමියේ 14 වන සැමරුම අද

0 14

සුනාමි ව්‍යසනය සිදුවී අදට (26දා) වසර 14ක් සපිරෙනවා. සුනාමි ව්‍යවසනයෙන් ලංකාවද ඇතුළුව රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූවා. ඉන් මියගිය සහ බලපෑමට ලක්වූ ජනතාව සිහිකර අදත් දිවයින පුරා වැඩසටහන් රැසක් පැවැත්වුණා. 

2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින උදෑසන 6.58 ට පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ සිදුවූ දරුණු භු කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස නැගුනු උදම් රළ පහර ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩාවැදුනේ පැයට කිලෝමීටර් 800 ක වේගයකින්.

AD2

එය මිනිත්තු කිහිපයක් තුළ මෙරට ජීවිත තිස් පන්දහසකට අධික සංඛ්‍යාවක් බිලිගත්තේ රුපියල් කෝටි ගණනක දේපලද විනාශ කර දමමින්.

මෙම විනාශය සිහිපත් කරමින් සුනාමි සැමරුම් උත්සව සෑම වසරකම දෙසැම්බර් 26 දින සංවිධාන කෙරෙන අතර දරුණුතම සුනාමි රළ පහර මෙරටට එල්ල වූ වේලාව වන උදෑසන 9.25 සිට 9.27 දක්වා වේලාවේදී නිහඩතාව රකිමින් මියගියවුන් සිහි කෙරෙනවා. 

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමට මෙරට ජනතාව අද උදෑසන එක් වුණා.

එම පිරිස සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් නිශ්ශබ්දතාවය ආරක්ෂා කරමින් ජනතාව ඒ සඳහා එක් වු බවයි වාර්තා වුණේ.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීමට සමගාමීව අද දිනය සමරණු ලබන්නේ ජාතික සුරක්ෂිතා දිනය ලෙසයි.
සර්ව ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කර ගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අද දිනය පුරා ක්‍රියාත්මක වනවා.

ජනතාවගේ ජිවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් රැසක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරිමට ද කටයුතු යොදා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද උදෑසන 9 ට හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ආරම්භ වුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද දිනයේ සිදුකෙරෙන වැඩසටහන් පිළිබඳව තවදුරටත් පැහැදිලි කළේ මෙලෙසිනි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More