ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ටී-56 වර්ගයේ උණ්ඩ 02ක් සමග සැකකරුවෙකු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යේ (25) සවස 6.15ට පමණ සැකකරු අත්අඩංගුව ගෙන ඇත්තේ ඇඹිලිපිටිය බස් නැවතුම් පොළ අසලදීයි. ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට පාර, සූරියවැව ප්රදේශයේ පදිංචි ගමආරච්චිගේ ප්රියදර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව කුට්ටිගල ප්රදේශයේ වෙළෙඳ සැල්වලට දුරකථන කාඩ්පත් අලෙවි කරන පුද්ගලයින් බිය ගන්වා මුදල් මංකොල්ලකෑමට සැලසුම් කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(26) ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.