kandy news web
kandy news web

වෑන් රථයකට පොලිසියෙන් වෙඩි

0 108

පොලිස් අන නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. අද(26) අලුයම 1.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. 

ඊයේ (25) තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධිය හේතුවෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. එලෙස කුඩාවැල්ල මංසන්ධියෙහි විශේෂ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකටද තුවාල සිදු කර පළා යාමට තැත්කළ වෑන් රථයකට මෙලෙස වෙඩි තබා තිබෙනවා. 

AD2

පොලිසිය පැවසුවේ කුඩාවැල්ල හන්දිය මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රතයකට නතර කිරීම සඳහා පොලිස් සංඥා ලබාදී තිබූ නමුත් පොලිස් නිලධාරීන්ද අනතුර ලක්කර පළා යාමට තැත් කර ඇති බවයි. එම අවස්ථාවේදී එක් නිලධාරියෙකු විසින් වෑන් රථයට වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත් වෑන් රථය නොනවත්වා පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වෑන් රථයේ හිමිකරුවන් සොයා තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More