බස් ගාස්තු 26 වනදා මැදියම් රෑ සිට පහළට
ත්‍රීරෝද රථ සහ පාසල් වෑන් ගාස්තුත් පහළට

එළැඹෙන 26 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 4%කින් අඩු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
ඩීසල් මිල පහළ යාමට සාපේක්ෂව මෙලෙස බස් ගාස්තුව අඩු කිරීමට නියමිතයි. අමාත්‍යවරයා සහ බස් සංගම් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.
කෙසේ වෙත්ත අවම බස් ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එසේම ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරනු ලබන ගාස්තුවෙන් රුපියල් 10කින් 26 වනදා මැදියම් රැයේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ.
පාසල් සිසුන් ප්‍රවාහන රථවල ගාස්තුවද 3%කින් අඩු කිරීමට එහිදී පියවර ගෙන තිබෙනවා.