kandy news web
kandy news web

රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමග 3ක් දැලේ

0 91

රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (24) අලුයම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුවිට, ලෙල්ගොඩ – පොහොරබාව මාර්ගයේ ඕවිටිගම ප්‍රදේශයේ පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුවිට පොලිසියේ නිලධාරීන් අද අලුයම 2ට පමණ අදාළ ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී ලෙල්ලගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී රිපීටර් වර්ගයේ ගිනි අවිය සහ එම උණ්ඩ 3ක් සමග අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. 

AD2

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පරකඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 31 සහ 32 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ. 

සැකකරුවන් අද (24) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More