රුපියල් මිලියන 12ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 12 කට අධික වටිනාකමින් යුත්, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ හෙරොයින් තොගය සමග 28 හැවිරිදි සැකකරුවෙකු ද, මාරවිල පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
එම සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.