kandy news web
kandy news web

හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශය දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 181

හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයෙන් දින  කිහිපයක සිට සේවාදායකයින්  විසින් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවහනය කිරිම සදහා භාර දෙන කිසිදු භාණ්ඩයක් ලබානොගෙනිම හේතුවෙන් එම සේවාදායකින්  දැඩි අසිරුතාවයට පත් ව ඇති බව වාර්තා වනවා.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට දුම්රිය මගින් තේ කොළ, මල්වර්ග  සහ තවත් භාණ්ඩ රැසක් ප්‍රවහනය සඳහා භාරදෙන අතර එම භාණ්ඩ දුම්රිය මගින් ප්‍රවාහනය කිරිම තුලින් දුම්රිය දෙපාර්තුමේන්තුවටද විශාල අමතර ආදායමක් ලැබෙන බවයි සේවාදායකයින් පවසන්නේ.

AD2

හැටන් දුම්රිය ස්ථානයේ මිට දින කිහිපයකට ඉහත දුම්රියෙන් ප්‍රවාහනය කිරිමට භාරගත් භාණ්ඩ රැසක් එම දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයේ ගොඩගසා තිබෙන අයුරු දක්නට අපට දක්නට ලැබුණා.

එම භාණ්ඩවලින් විනාශවිමේ  අවධානමකට ලක් විය හැකි භාණ්ඩ ආපසු රැගෙන යන ලෙසට එම භාණ්ඩ භාර දුන් සේවාදායකයින්ට දැනුම් දුන් බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

හෙටට (25) යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට දුම්රිය මගින් බලපත්‍රයක් සහිත නත්තල් ගස් සහ මල් ප්‍රවහනය කරන අතර, දුම්රිය ස්ථානවල පාර්සල් අංශය මගින් භාණ්ඩ භාර නොගෙනිම නිසා නත්තල් සමයේ භාණ්ඩ ප්‍රවහනය සඳහා භාරදෙන සේවාදායකයන්ද දැඩි අසිරුතාවයට පත් ව සිටිනවා.

හැටන් දුම්රිය ස්ථානයෙන් පාර්සල් අංශයෙන් භාණ්ඩ භාර නොගෙනිම සම්බන්ධයෙන් අප හැටන් දුම්රිය  ස්ථානයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකයන් අතර ඇති වි ඇතැයි කියන රාජකාරි මට්ටමේ මත භේදයක් හේතුවෙන් දුම්රිය නියාමකයන් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවහනය සඳහා ලබාදෙන භාණ්ඩ බාර නොගැනීම හේතුවෙන් මෙම ගැටළුකාරි තත්ත්වය මතු වි ඇති බවයි.

පවත්නා තත්ත්වය හේතුවෙන් දිවියිනේ සියළුම දුම්රිය ස්ථානවල මෙම ගැටළුකාරි තත්ත්වය පැන නැගි ඇති බවත්, ඒ තුලින් දුම්රිය දෙපාර්තුමේන්තුවට විශාල ආදායමක් අහිමි වි ඇති බවත් වාර්තා වනවා.     

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More