kandy news web
kandy news web

ඉන්දුනීසියාවේ ගිනි කඳු සුනාමියෙන් මියගිය ගණන 168 දක්වා ඉහළට

තවත් 745කට තුවාල - 30 දෙනෙකු අතුරුදන්

0 186

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සනධිය ආශ්‍රීතව හටගත් ගිනි කඳු සුනාමියෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 168 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයන් 745 දෙනෙකු සුනාමි අනතුරෙන් තුවාල ලබා ඇති බවත් දේපළ රැසකට හානි සිදුව ඇති බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

AD2

එසේම පුද්ගලයන් 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට එරට බලධාරීන් පවසනවා. ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනි කන්ද පිපිරීමෙන් පසුව මුහුදු පතුලේ හටගත් නායයාම් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය හට ගන්න ඇති බවට සැක පළ කරනවා.

කෙසේ වෙතත් සුනාමි රළ ඇතිවීමට හේතුව එම ගිනි කඳු පිපිරීමදැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඉන්දුනීසියානු බලධාරීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

පසුගිය සිකුරාදා ක්‍රැකටෝවා ගිනි කන්ද තත්පර 72ක කාලයක් විදාරණය වූ බවයි. ඉන් එම ගිනි කන්දෙන මීටර් 400ක් පමණ ඉහළට අළු විසිව තිබෙනවා.

සුන්ඩා සමුද්‍ර සන්ධිය ආශ්‍රීතව හට ගත් ගිනි කඳු සුනාමියෙන් හට ගත් රළ අඩි 16ක් පමණ ඉහළ එසවුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ මෙම සුනාමි තත්ත්වය හටගෙන තිබෙනවා.

සුනාමි අනතුරෙන් නිවාස 430ක් පමණ විනාශ වී ඇත් බවත් හෝටල් 9ක් සහ නැව් 10ක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More